May 07, 2024

ගුවන් පාලමක් කඩා වැටී 2ක් මරුට (PHOTOS)

ඉන්දියාවේ කොල්කටා නගරයේ ජනාකීර්ණ වීදියක අඩක් ඉදිකරමින් තිබූ ගුවන් පාලමක කොටසක් කඩා වැටීමෙන් පුද්ගයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන අන්දමට තවත් කිහිප දෙනෙකු කඩා වැටුණු සුන්බුන් අතර සිරවී සිටී. 

කොල්කටා නගරයේ දීර්ඝතම ගුවන් පාලම ලෙස ඉදිවෙමින් පැවති මෙම ගුවන් පාලම උතුරුදිග කොල්කටාවේ ගිරිෂ් උද්‍යානය සහ හොව්රාහ් යන නගර සම්බන්ධ කෙරෙමින් ඉදිකළ පාලමක් බව වාර්තා වේ.

මේ වනවිටත් මුදාගැනීම් කණ්ඩායම් එම ස්ථානයේ හිදිමින් සුන්බුන් අතර සිරවී සිටින අය මුදාගැනීමේ මෙහෙයුම් වල නිරත වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ඡායාරූප පහතින්.

 

Rate this item
(0 votes)