May 07, 2024

මියන්මාර නව ජනපති දිවුරුම් දෙයි

මියන්මාර ඉතිහාසයේ දශක 05කට පසු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත් ප්‍රථම ජනාධිපතිවරයා ලෙස හ්ටින් කයෝවු දිවුරුම් දී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයෙන් බලයට පැමිණි කයෝවු, එම ලීගයේ නායිකා අවුන්ග් සාන් සුකීගේ සමීප හිතවතෙකු වේ.

69 වැනි වියෙහි පසුවන ඔහු බලයට පැමිණීම සඳහා පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් එම පක්ෂය ලැබූ දැවැන්ත ජයග්‍රහණය හේතු විය. එමෙන්ම, විදෙස් ජාතිකයෙකු සරණපාවා ගැනීම නිසා එරට ව්‍යවස්ථාවට අනුව සුඛී වෙත ජනාධිපති පදවිය හිමි නොවීම ද ඔහුගේ මෙම පදවි ප්‍රාප්තියට හේතු විය.

මියන්මාර ජනතාවට තමා විශ්වාසවන්තයෙකුවන බව පවසමින් එරට අගනගරයවන නෙයි පෙයි ටෝව් හි පාර්ලිමේන්තුවේ දී එම දිවුරුම් දීම සිදුවිය. 

මේ අතර, නව උප ජනාධිපතිවරුන් මෙන්ම කැබිනට් අමාත්‍යවරුන්ගේ දිවුරුම්දීම ද සිදු වූ අතර, ඉන් වැඩි පිරිසක ජාතික ලීගය නියෝජනය කළ මන්ත්‍රීවරු වූහ.

 

Rate this item
(0 votes)