May 08, 2024

ගුවන් යානය පැහැරගත්තේ ව්‍යාජ බෝම්බවලින්

ඊජිප්තු ගුවන් යානය පැහැර ගැනීම සඳහා යොදාගෙන ඇත්තේ ව්‍යාජ ලෙස සැකසූ බෝම්බ සහිත බඳපටියක් බවට අනාවරණ වී තිබේ.

පැහැරගත් පුද්ගලයා ආරක්ෂක අංශ වෙත භාරවීමෙන් අනතුරු ව අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරීම්වල දී ඒ බව අනාවරණ වී ඇත.

ඔහු මෙම ගුවන් යානය පැහැරගෙන තිබුණේ සිය හිටපු පෙම්වතිය මුණගැසීමේ අපේක්ෂාවෙනි. ගුවන් යානය සයිප‍්‍රසයට ගොඩබස්වා පැය 06එකට පසු එහි සිටි සියලු මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් නිරුපද්‍රිත ව මුදා හැරීමට ද පැහැරගත් පුද්ගලයා කි‍්‍රයා කර තිබේ.

 

Rate this item
(0 votes)