May 07, 2024

'කැතී' එංගලන්තය කළඹයි

පැයට සැතපුම් 105ක වේගයකින් හමන කැතී සුළි සුළඟ හේතුවෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර ගැට්වික් සහ හීත්‍රෝ ගුවන්තොටුපොල වෙත පැමිණෙන ගුවන් යානා රැසක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගැට්වික් ගුවන්තොටුපොල වෙත පැමිණෙන ගුවන් යානා 20ක් වෙනත් ගුවන්තොටුපොල වෙත හරවා ඇති අතර හීත්‍රෝ ගුවන්තොටුපොල වෙත පැමිණෙන සහ පිටවන ගුවන් ගමන් 60ක් පමණ අවලංගු කර ඇත.

එංගලන්තයට සහ වේල්සයට හමන මෙම සුළි සුළඟ හේතුවෙන් මේ වනවිටත් නිවාස දහස් ගණනක විදුලිය ඇණහිට ඇති අතර ඇතැම් ප්‍රදේශවලට ජල ගැලීම් අවදානමක් ද ඇති වී තිබේ.

 

Rate this item
(0 votes)