May 08, 2024

අමෙරිකාවේ නියමුවන් රහිත ගුවන් යානා තෙගුණ කෙරේ 

අමෙරිකාවේ ඇති නියමුවන් රහිත ගුවන් යානා වසර 2020 වනවිට තුන් ගුණයකින් ඉහළ යනු ඇති බව අමෙරිකා ගුවන් සේවා පරිපාලන අංශය සඳහන් කරයි.

ඒ අනුව වසර 2020 වනවිට අමෙරිකාවේ නියමුවන් රහිත ගුවන් යානා සංඛ්‍යාව මිලියන 07 දක්වා ඉහළ යනු ඇති බව එරට බලධාරීන් පෙන්වා දෙයි.

2016 වසර වනවිට එරට භාවිතවන නියමුවන් රහිත ගුවන් යානා සංඛ්‍යාව මිලියන 2.5ක් වේ. අමෙරිකාවේ ආරක්ෂක කටයුතුවලට මෙන්ම විනෝදය සඳහා ද නියමුවන් රහිත ගුවන් යානා බහුලව යොදාගැනීම සිදු වේ.

වාණිජ්‍ය කටයුතු සඳහා ද මෙම ගුවන් යානා යොදා ගැනීමට ඇතැම් සමාගම් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)