April 27, 2024

අතුරුදන් යානයේ කොටස් හමු වෙයි

අතුරුදන් වූ MH 370 යානයේ යැයි සැක කෙරෙන වස්තු දෙකක් හමු වී ඇති බව ඔස්ටේලියානු අගමැති ටෝනි ඇබොට් මහතා සඳහන් කර තිබේ.

දක්ෂිණ ඉන්දියානු සාගරයේ ඔස්ටේලියානු යාත්‍රා සහ නැව් මගින් සෝදිසි කිරීම් සිදු කරමින් සිටි අවස්ථාවේ දී ඒවා හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චන්ද්‍රිකා ඡායා රූප මගින් එම වස්තු හඳුනාගෙන ඇති අතර එම වස්තූන් හමු වූ ස්ථාන වෙත වෙන ම ගුවන් යානයක් යවා තිබේ.

ඉකුත් 08 වැනි දා MH 370 යානය ගුවන් මගීන් 239 දෙනෙක් සමග අතුරුදන් විය.

ක්වාලාම්පූර් සිටි බෙයිජිං දක්වා ගමන් කරමින් සිටිය දී එම යානය අතුරුදන් ව ඇති අතර මේ වනවිට රටවල් 26 ක් එක් ව එම යානය සෙවීමේ කටයුතුවල නිරත ව සිටී.

යානයේ සිටි සේවකයින් පිළිබඳ සහ ගුවන් මගීන් පිළිබඳ සෙවීමේ කටයුතු ඉදිරියටත් සිදු කරන බවත් එම යානය ත්‍රස්ත පැහැර ගැනීමක් ලෙසට මෙතෙක් නිෂ්චිත සාක්ෂි හමු වී නොමැති බවත් වාර්තා වේ.

දකුණු චීන මුහුදේ ඉහළ දී මැලේසියාවේ සිට වියට්නාමය දක්වා වූ ගුවන් අවකාශයේ දී අතුරුදන් වූ යානයේ සම්බන්ධතාව අවහිර වී ඇත.

Rate this item
(1 Vote)