May 19, 2024

ශාරුක්ගේ මාමණ්ඩි අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ බිරිඳවන ගෞරි ඛාන්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබේ.

රමේශ් චන්ද්‍රා නමැති ඒ මහතා අභාවප්‍රාප්තවීම ශාරුක් ඛාන් පවුලට දැඩි කම්පනයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. රමේශ් චන්ද්‍රා මහතාගේ දරුවන් අතරින් ඔහුට වඩාත් සමීප ව සිටි දියණියක් ලෙසට ශාරුක් ඛාන්ගේ බිරිඳ සැලකෙයි.

මේ වනවිට විට පවුලේ සාමාජිකයන් එක් ව අවමංගල්‍ය කටයුතු පිළිබඳ සැලසුම් කරමින් පවතින බව වාර්තා වේ.

සිය පියාගේ අභාවය පිළිබඳ ශාරුක් ඛාන් මෙන්ම ගෞරි ඛාන් දැඩි කම්පනයට පත් ව ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

රූගත කිරීම් සහ යොදාගෙන තිබු අනෙක් සියලු වැඩ කටයුතු ශාරුක් ඛාන් විසින් අවලංගු කර තිබේ. ශාරුක් ඛාන් සිය මාමණ්ඩිට දැඩි ව සමීප ව සිට ඇති අතර ඔවුන් දෙදෙනා ඉතා සුහද ආකාරයෙන් කල් ගත කර තිබෙන බවද වාර්තා වේ.

 

Rate this item
(0 votes)