April 28, 2024

ලිංගික ව සීකා බෝ වූ 14ක් හමු වෙයි

February 24, 2016

ලිංගික සංසර්ගය හේතුවෙන් සීකා වෛරසය ආසාදනයවීමේ සිද්ධීන් 14ක් අමෙරිකාවෙන් වාර්තා වී තිබේ.

වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් ගර්භනී කාන්තාවන් බව අමෙරිකානු වසංගත රෝග ඒකකය සඳහන් කරයි.

බ්‍රසීලය, කොලොම්බියාව ඇතුළු ලතින් අමෙරිකානු සහ කැරිබියානු රටවල සීකා වෛරසය පැතිරී ඇති අතර වෛරසය ආසාදනය වූ බ්‍රරසීල මව්වරුන්ට පමණක් හිස කුඩා ළදරුවන් 4000කට වැඩි සංඛ්‍යාවක් උපත ලබා තිබේ.

සීකා වෛරසය හේතුවෙන් ඇතිවන මෙම රෝග තත්ත්වය ගෝලීය සෞඛ්‍ය අවදානමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් පෙබරවාරි 01 වැනි දා ප්‍රකාශයට පත් කර ඇත.

 

Rate this item
(0 votes)