April 28, 2024

ජල ගැටුමක් කුල ගැටුමක් දක්වා ඉහළට 

February 23, 2016

විරෝධතාකරුවන් තිදෙනෙක් මරණයට පත්වීම හේතුවෙන් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ජාට් කුලයේ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් තව දුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව මෙම විරෝධතාවලින් මරණයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විරෝධතා හේතුවෙන් තවත් පුද්ගලයින් 183 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 102 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් සති 02ක් පමණ ගතවනු ඇතැයි බලධාරීහු පැවසූහ.

ඒ නවදිල්ලි නුවරට ජලය සැපයෙන ප්‍රධාන ජල මුලාශ්‍රයවන මුනාක් ඇළ ග්‍රහණයට ගත් විරෝධතාකරුවන් ඇළ මාර්ගයට දැඩි හානි සිදුකර තිබීම හේතුවෙනි.

විරෝධතාකරුවන්ගේ ග්‍රහණයෙන් ඇළෙහි පාලනය තමන් යටතට ගැනීමට ඉන්දීය හමුදාව ඊයේ (22) සමත් වුව ද විරෝධතාකරුවන් ඇළ මාර්ගය අවහිර කර තිබීම හේතුවෙන් ජලය සැපයීමට හැකි ව නොමැත.

ජල අර්බුදය හේතුවෙන් ඊයේ (22) වසා දැමුණු නවදිල්ලි නුවර පාසල් අද විවෘත කිරීමට නියමිත ය. අද (23) පෙරවරුවේ දී නවදිල්ලි නුවර ජල ජල අවශ්‍යතාවයෙන් අඩක් පමණ සපුරාලීමට හැකිවනු ඇතැයි, බලධාරීන් අපේක්ෂා කරයි.

හර්යානා ප්‍රාන්තයේ විරෝධතාකරුවන් අවහිර කළ ඇතැම් මාර්ග සහ දුම්රිය මාර්ග විවෘත කිරීමට බලධාරීන් සමත් වුව ද එවැනි මාර්ග 449ක් පමණ විරෝධතාකරුවන් යටතේ පවතී.

මේ හේතුවෙන් ඉන්දීය රුපියල් කෝටි 15ක අලාභයක් සිදු ව ඇති අතර විරෝධතාකරුවන් රජයේ බස් රථ 33කට ගිනි තබා ඇති බව හර්යානා ප්‍රාන්ත රජය සඳහන් කරයි.

 

 

Rate this item
(0 votes)