April 28, 2024

මුසවෙනි පස් වන වරටත් ජනාධිපති ධුරයට

February 21, 2016

ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් උගන්ඩාවේ ජනාධිපති යොවෙරි මුසවෙනි පස්වන වරටත් ජනපති ධුරය සඳහා පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත කරයි.

වසර තිහක් ජනාධිපති ධුරයේ සිටි 71 හැවිරිදි යොවෙරි මුසවෙනි සියයට හැට එකක් ඡන්ද ලබා ගනිමින් මැතිවරණය ජය ගත් බව උගන්ඩාවේ මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

ජනපතිවරයාගේ විරුද්ධවාදීන්ට කිසිඳු ප්‍රගතියක් ළඟා කර ගැනීමට අවස්ථාවක් උදා වී නොමැති බව ඔහුගේ ආධාරකරුවෝ පවසති.

මැතිවරණයෙන් සියයට තිස් පහක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් විපක්ෂයේ කිසා බිසිග්යේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ජනපතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන ලෙසයි.

ජනාධිපතිවරණ ප්‍රතිඵලය ව්‍යාජ වූවක් බව පවසන කිසා බිසිග්යේ මැතිවරණ සමයේ තමා නිවාස අඩස්සියේ තබා තිබුණු බවට චෝදනා කරයි.

මැතිවරණ සමයේ භීතිය පැතිර ගොස් තිබූ බවටත් පක්ෂපාතී මාධ්‍ය භාවිතයක් දකින්නට තිබූ බවටත් යුරෝපය ඇතුළු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් විවේචන එල්ල වේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵල හා සම්බන්ධ බිය ගැන්වීම් සහ මැතිවරණ අක්‍රමිකතා සිදු වී ඇත්දැයි සොයා බැලීමට අවශ්‍ය බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍ර‍කාශ කර ඇත.

(බීබීසි)

Rate this item
(0 votes)