April 28, 2024

ඔබාමා කියුබාවේ සංචාරයකට සූදානම් වෙයි 

February 19, 2016

අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මාර්තු මාසයේ කියුබාවේ සංචාරයක නිරතවන බව ඔහු ට්විටර් පණිවුඩයක් මගින් සනාථ කර තිබේ.

ලතින් අමෙරිකාවේ යෙදෙන පුළුල් සංචාරයකට අදාල ව ජනාධිපති ඔබාමා කියුබාවට පැමිණීමට නියමිත බව වාර්කා වේ. 

ජනාධිපති ඔබාමා මෙලෙස කියුබාවේ සංචාරයක නිරතවන්නේ වසර 88 කට පසු එහි සංචාරය කරන බලයේ සිටින ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ය.

මීට පෙර 1928 වසරේ දී කැල්වින් කූලීජ් ජනාධිපතිවරයා කියුබාවේ සංචාරය කිරීමෙන් අනතුරු ව බලයේ සිටිය දී කිසිදු අමෙරිකානු ජනාධිපතිවරයෙකු එහි සංචාරය කර නොමැත.

ජනාධිපති ඔබාමා සිය බිරිඳ මිෂෙල් ඔබාමා සමග එළැඹෙන මාර්තු 21 වැනි දා සහ 22 වැනි දා කියුබාවේ සංචාරය කරයි.

 

Rate this item
(0 votes)