April 28, 2024

මාලදිවයිනේ විපක්ෂ නායකවරයාට සිර දඬුවම්

February 18, 2016

මාලදිවයිනේ විපක්ෂ නායක ෂෙයිඩ් ඉම්රාන් අබ්දුල්ලාට වසර 12 ක සිර දඩුවම් පැමිණවීමට එරට අධිකරණය තීරණය කර තිබේ.

ත්‍රස්ත ක්‍රියා විරෝධී පනත යටතේ අදාළ සිර දඬුවම ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරගත කර සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පිළිබඳ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරු ව මෙම සිර දඬුවම ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේ වුව ද සිය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට තම පාර්ශවය තවදුරටත් සටන් කරන බව ඒ සඳහා ප්‍රතිචාර දක්වන මාලදිවයිනේ විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශකයා සඳහන් කර ඇත.

 

Rate this item
(0 votes)