ආදරවන්තයින්ගේ දිනයේ දී සිය පෙම්වතා කිසියම් පිරිසක් විසින් ඝාතනය කළ බව ඉන්දියාවේ දිල්ලි නුවර තරුණියක් සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා Facebook ගිණුමෙන් හඳුනා ගත්තේ මීට මාස 07 කට පමණ පෙර බව ඇය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ආදරවන්තයින්ගේ දිනය සැමරීම සඳහා තමන්ගේ ඇරයුමෙන් සිය පෙම්වතා තම නිවසට පැමිණි බව ද අදාළ තරුණිය ප්‍රකාශ කර තිබේ.
එම අවස්ථාවේ දී සිය නිවසට පැමිණි ඥාතී සොහොයුරෙකු සහ තවත් පුද්ගලයෙකු සිය පෙම්වතාව තට්ටු 04කින් යුත් නිවසෙන් පහළට ඇද දැමූ බව තරුණිය කළ ප්‍රකාශයේ සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.