May 13, 2024

උතුරු කොරියාවට සම්බාධක පනවයි

February 08, 2016

නව දිගුදුර මිසයිල අත්හදා බැලීමත් සමග උතුරු කොරියාවට දැඩි සම්බාධක පැනවීමට ජගත් ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ.

උතුරු කොරියාව නව රොකට්ටුවක් ඊයේ (07) උඩු ගුවනට යැවීමේ සිද්ධියත් සමග නිව්යෝර්ක් නුවර ජගත් ආරක්ෂක මණ්ඩලය හදිස්සියේ රැස් වී ඇත.

එත්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලංඝණය කර ඇති බැවින් උතුරු කොරියාවට දැඩි සම්බාධක පැනවීමට එහි දී තීරණය කර තිබේ.

කෙසේ වුව ද බටහිර රටවල් මෙම නව රොකට්ටුව මිසයිල අත්හදා බැලීමක් ලෙස හඳුන්වා දෙද්දී උතුරු කොරියාව පවසන්නේ එය පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් බවයි.

Rate this item
(0 votes)