May 13, 2024

ගැහැණු කළල ගබ්සාවට එරෙහිව නව නීතියක්

February 05, 2016

ඉන්දියාවේ නූපන් දරුවන්ගේ ලිංගිකත්වය දැන ගැනීම සඳහා ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමේ නව නීතියක් ඉන්දීය ඇමතිනි මේනකා ගාන්ධි විසින් යෝජනා කරනු ලැබ තිබේ.

මෙම නීතිය මගින් ඉන්දියාවේ බහුලව සිදු වන ගැහැණු දරුවකු ගැබ් ගෙන සිටිය දී සිදු කරන ගබ්සා අඩු කර ගැනීමට හැකි වනු ඇති බවට බලාපොරොත්තු වේ.

ලෝකයේ රටවල් අතරින් ගැහැණු පිරිමි අනුපාතය ඉතාමත් අසමතුලිත රටක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටියි.

සංගණන වාර්තා වලට අනුව ඉන්දියාවේ සෑම පිරිමි දරුවන් 1000 කටම ගැහැණු දරුවන් සිටින්නේ 940ක් පමණි.

මේනකා ගාන්ධි අමාත්‍යවරිය පවසන්නේ මෙම නව නීතිය මගින් ස්කෑන් පරීක්ෂණය අනිවාර්ය කිරීමට අමතරව ගැබ් ගෙන ඇත්තේ ගැහැණු දරුවෙකුද පිරිමි දරුවෙකුද යන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීම මගින් ගර්භනී කාන්තාවන් දරුවා ප්‍රසූත කරන තුරු අධීක්ෂණයට ලක් කිරීමේ හැකියාව රජයට ලැබෙන බැවින් නීති විරෝධී ගබ්සා නැවැත්වීමේ හැකියාව ඉහල බවයි.

මින් පෙර ඉන්දියාවේ වසර විස්සක කාලයක් ගර්බනී කාන්තාවන් අල්ට්‍රා සෞන්ඩ් ස්කෑන් පරීක්ෂණ සිදු කර උපදින්නේ ගැහැණු දරුවකුද පිරිමි දරුවකුද යන්න දැන ගැනීම තහනම් කර තිබුනේ ද ගැහැණු කළල විනාශ කිරීම වලක්වා ගැනීම වෙනුවෙනි.

කෙසේ වෙතත් බොහෝ ඉන්දීය දෙමව්පියෝ මෙම නීතිය කඩ කරමින් වසර අවරුදු පහක සිර දඬුවම් විඳීමේ අවදානම පවා දරමින් රහසේ ස්කෑන් පරීක්ෂණ කරවා ගැහැණු දරුවන්ගේ කළල ගබ්සා කිරීමේ නිරත වන බවයි වාර්තා වන්නේ.

| BBC

Rate this item
(0 votes)