May 12, 2024

අමෙරිකානු ජනපති සටනේ පළමු ජය ටෙඩ් කෲස්ට

February 03, 2016

අමෙරිකානු ජනාධිපතිවරණයේ මූලික වටයේ ඡන්ද විමසීම ඊයේ (02) ආරම්භ වූ අතර එක් එක් දේශපාලන පක්ෂයෙන් ප‍්‍රධාන ඡන්ද විමසීමට ඉදිරිපත් කෙරෙන ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගැනීම එහි දී සිදු කෙරේ.

එම ඡන්ද විමසීම ප‍්‍රාන්ත මට්ටමින් සිදු කෙරෙන අතර ලෝවා ප‍්‍රාන්තයේ ඡන්ද විමසීම ඊයේ (03) සිදු විය.

එහි දී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයින් අතරින් ජයග‍්‍රහණය ලබා ගැනීමට ටෙඩ් කෲස් සමත් ව තිබේ. ඔහු ටෙක්සාස් ප‍්‍රාන්තයෙන් අමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන පුද්ගලයෙකි.

ඉකුත් සමයේ මතභේදාත්මක ප‍්‍රකාශ කිහිපයක් සිදුකළ ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ මාකෝ රූබියෝ ඔහුගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයින් වේ. 

Rate this item
(0 votes)