අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා යුක්රේනයේ නව ජනාධිපති පෙට්රෝ පොරොශෙන්කෝ හමුවීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට පෝලන්තයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපතිවරයා හමු වී රුසියාවෙන් යුක්රේනයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ධවල මන්දිරය සඳහන් කරයි.
එසේ ම එහි දී යුක්රේනයේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ දෙරටේ ජනාධිපතිවරුන් අවධානය යොමු කරන බව ද වාර්තා වේ.