May 13, 2024

සීකා වෛරසය නිසා මව්වරුන් ගබ්සාව ඉල්ලයි

කුඩා හිස් සහිත දරුවන් බිහි කිරීමට හේතුවන සීකා වෛරසය ශරීර ගත වූ බ්‍රසීල මව්වරුන්ට ගබ්සා අයිතිය ලබාදෙන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට එම රෝගය බ්‍රසීල ඇතුළු රටවල් 21 ක පැතිරී ඇති අතර මිලියන 03 ත් 04 ත් අතර ප්‍රමාණයකට දැනටමත් ආසාදනය වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.

මේ අතර 2016 වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන ඔලිම්පික් උළලේ දී සීකා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ගත යුතු පියවර පිළිබඳ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව උපදෙස් මාලාවක් අද (29) නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Rate this item
(0 votes)