May 12, 2024

ස්වීඩනයේ සරණාගතයින් 80,000 ක් එළියට 

සරණාගතයින් 80,000 ක් නැවත ඔවුන්ගේ රටවලට යැවීමට ස්වීඩනය තීරනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පිරිස වසර කිහිපයක් ඇතුළත ඔවුන්ගේ රටවලට යැවීමට කටයුතු කරන බව එරට බලධාරීන් සඳහන් කරයි. 

2015 වසරේ දී ස්වීඩනයේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා එක්ලක්ෂ හැටතුන් දහසක් ඉල්ලුම් කර තිබේ.

යුරෝපයේ ඒකපුද්ගල ආදායම ඉහළ රටක් ලෙස ස්වීඩනය සැළකෙයි. ඒ හේතුවෙන් සරණාගතයින් වැඩි වශයෙන් ස්වීඩනයට පැමිණෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

Rate this item
(0 votes)