May 13, 2024

‘සිකා’ වෛරසයෙන් බ්‍රසීලයට දැඩි බලපෑම් 

මොළයේ ආබාධ සහිත දරු උපත් සිදුවන මාරාන්තික ‘සිකා’ වෛරසය කැනඩාව සහ චිලී රාජ්‍ය හැර අමෙරිකා මහද්වීපය පුරා ම පැතිර යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ඉකුත් 2015 වසරේ මැයි මාසයේ සිට ශ්‍රීඝ්‍ර ලෙස පැතිර යන වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ බ්‍රසීලයට ය.

එම වෛරසය පැතිරෙන ආකාරය සහ එහි ස්වභාවය සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලිය යුතු බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියකවන ට්රූඩි ලෑන්ග් සඳහන් කරයි.

මේ වනවිට ‘සිකා’ වෛරසයේ බලපෑමෙන් ඌන වශයෙන් මොළය වර්ධනය වූ දරු උපත් දහස් ගණනක් වාර්තා වී තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා බ්‍රසීලයේ ලඝු ශීර්ෂතාව සහිත (හිස් කබල සාකේෂව කුඩා) 3500 දෙනෙකු උපත ලබා ඇත.

මෙම අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ගැබ් ගැනීමෙන් වැළකී සිටින ලෙස ද ඇතැම් රටවල් කාන්තාවන්ට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුව ද මෙම වෛරසයට ප්‍රතිකාරයක් හෝ එන්නතක් මෙතෙක් සොයාගෙන නොමැති අතර රෝග කාරක මදුරවා බෝවීම වළක්වා ගැනීමට ක්‍රියා කරන ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.

 

Rate this item
(0 votes)