May 12, 2024

නිව්යෝක් සහ වොෂිංටන් යථා තත්ත්වයට

අමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව හිමපතනයෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබූ නිව්යෝක් සහ වොෂින්ටන් නගරවල දෛනික කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව එම මාධ්‍ය වාර්තාවල දැක් වේ.

පසුගිය දින කිහිපයේ අමෙරිකාවට බලපෑ දැඩි හිම කුණාටු තත්ත්වය හේතුවෙන් නිව්යෝක් සහ වොෂින්ටන් නගරවල අඟල් 40 ක් පමණ ඝනකමින් යුත් හිම තට්ටුවක් පැවතියේ ය. හිම කුණාටුව හේතුවෙන් 28 දෙනෙකු මියගිය අතර, මිලියන 85 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් විය.

Rate this item
(0 votes)