May 13, 2024

රටවල් 15 කට UN ඡන්දබලය අහිමිවෙයි

වාර්ෂික සාමාජික මුදල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් රටවල් 15ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය අහිමි කර ගෙන තිබේ.

එම රටවල් අතරට ආරක්ෂක මණ්ඩලයේ ද සාමාජිකත්වය හිමි වෙනිසියුලාව අයත් වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අමෙරිකානු ඩොලර් මිලියන තුනකට ආසන්න මුදලක් ණය වී ඇති නිසා බව වාර්තා වේ.

ඡන්දය භාවිතා කිරීමේ අයිතිය අහිමි වී ඇති අනෙකුත් රටවල් අතරට බහරේන්, ලිබියා, මාලි, සහ බුරුන්ඩි රාජ්‍යය ද අයත් වී තිබේ.

පසුගිය ඉරිදා වන තෙක් එක්සත් ජාතීන්ගේ සම්බාධක යටතේ පැවති ඉරානය තම සාමාජික මුදල ගෙවා තිබේ.

අධික දිළිඳු බවින් පෙලෙන සහ අභ්‍යන්තර ගැටුම් පවතින රටවල් පහක් සාමාජික මුදල් ගෙවීමෙන් නිදහස් කොට ඇති අතර ගිනියා, බිසෞ, යේමනය සහ සෝමාලියාව ද ඒ අතර වෙයි.

(බීබීසි)

Rate this item
(0 votes)