May 12, 2024

අමෙරිකාවට හිම කුණාටුවක්

ශතවර්ෂයක් ඇතුළත වාර්තා වූ විශාල හිම කුණාටුවකට අමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපය මුහුණ දී ඇත.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රාන්ත කීපයක ජනතාවගේ දෛනික කටයුතු ඇනහිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පළමු පැය කීපය ඇතුළත වොෂිංටන් අගනුවර හා ඒ අවට කලාපවල සෙන්ටිමීටර 20 ක් දක්වා හිම පතනයක් වාර්තා විය.

අයහපත් කාලගුණයෙන් හේතුවෙන් සිය නිවෙස්වලට වී සිටින ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටි අතර මේ වන විට මංමාවත් සහ වීදි ජනශුන්‍ය වී තිබේ.

එම අනතුරු බොහොමයක් වාර්තා වී ඇත්තේ උතුරු කැරොලිනා ප්‍රාන්තයෙන්.

කුණාටු සහිත කාලගුණය ඉරිදා උදෑසන දක්වා පවතිනු ඇති බවට කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කර සිටිති.

(බීබීසි)

Rate this item
(0 votes)