May 13, 2024

පුටින්ට ඝාතන චෝදනාවක් 

බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවට එක් වූ පුටින් විරෝධී රුසියානුවෙකු ලන්ඩනයේ දී ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ජනාධිපති පුටින් ඍජුවම සම්බන්ධ බවට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් තෙරීසා මහත්මිය චෝදනා කරයි.

ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ නමැති ඔහු 2006 වසරේ ලන්ඩනයේ හෝටලයක දී රුසියානු ඔත්තු සේවා නියෝජිතයන් විසින් විකිරණශීලි විෂ ශරීරගත කිරීමෙන් ඝාතනය කර තිබේ. 

එය මොස්කව් නුවර එෆ් සී බී ඔත්තු සේවාව මගින් සැලසුම් කළ ඝාතනයක් බවත් ඒ සඳහා රුසියානු ඔත්තු සේවා ප්‍රධානියාගේ මෙන්ම ජනාධිපති පුටින්ගේ අනුමැතිය ලැබී තිබූ බවත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරිය කියා සිටී.

Rate this item
(0 votes)