May 12, 2024

YouTube තහනම පාකිස්තායෙන් ඉවතට

යූටියුබ් සමාජ ජාල අඩවිය තහනම් කර තිබූ පාකිස්තානය වසර 03 කින් අනතුරු ව එම තහනම ඉවත් කර තිබේ.

ඉස්ලාම් දහමට නිගා දුන්නේ යැයි පවසමින් මෙම සමාජා ජාල අඩවිය පාකිස්තානය තුළ අවහිර කර තැබීමට එරට රජය එකල පියවර ගත්තේ ය.

කෙසේ වුව ද යූටියුබ් ජාලය අයත් ගූගල් විසින් පාකිස්තානය උදෙසාම වූ යූටියුබ් සංස්කරණයක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන් තවදුරටත් මෙය අවහිර කර තැබීමේ අවශ්‍යතාවක් නොමැති බව එරට විදුලි සංදේශ නියාමන ආයතනය සඳහන් කරයි.

මෙම නව සංස්කරණයට අනුව එරට බලධාරීන්ට එහි වූ අන්තර්ගතය පෙරහනයකට ලක් කිරීමේ අවස්ථාව ලැබෙන බව විශ්වාස කරයි.

මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් බොහෝ පාකිස්තාන තරුණයන් සතුට පළ කර තිබුණ ද ඇතැම් දැඩි මතධාරීන් ඊට විරෝධය දක්වා ඇති බව ද වාර්තා වේ.

 

Rate this item
(0 votes)