May 12, 2024

ප්‍රථම වරට තායිවානයට ජනාධිපතිනියක්

තායිවානයේ ප්‍රජාත්නත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ අපේක්ෂිකා සායි ඉන්ග් - වෙන් මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එරට ප්‍රථම ජනාධිපතිවරිය ලෙස ඉතිහාසයට එක් ව තිබේ.

ඇයගේ පක්ෂය තායිවානය චීන පාලනයෙන් මිදිය යුතුය යන මතයේ දැඩි ව සිටි පක්ෂයක් බැවින් 59 හැවිරිදි ඉන්ග් වෙන් නියෝජනය කරන පක්ෂයේ ජයග්‍රහණය චීනයට අතුල් පහරක් වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වුව ද මෙම ඇරඹුම අලුත් යුගයක් බව එම ඓතිහාසික ජයග්‍රහණයෙන් අනතුරු ව ජනතාව ඇමතූ එරට නව නායිකාව පවසා තිබේ. එමෙන්ම, තායිවානය සම්බන්ධ තීන්දු තීරණවල දී සෙසු පක්ෂ සමග සමගිව කටයුතු කරන බවට ඇය සපථ කර තිබේ.

මෙහි දී චීන පාලනයෙන් මිදීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇය කියා සිටියේ මෙම සංවේදී ප්‍රශ්නයේ දී දෙරටම ප්‍රකෝපකාරී නොවී, වඩාත් සන්සුන් මනසින් යුතුව ඊට පිළියම් සොයනු ඇති බවයි.

Rate this item
(0 votes)