May 11, 2024

බොරතෙල් බැරලය ඩොලර් 30 ටත් වඩා අඩුවෙයි

ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් බැරලයක් ඊයේ (13) අළෙවි වුයේ ඇමෙරිකානු ඩොලර් 29.96 කටය. 

2004 වසරෙන් පසු බොරතෙල් බැරලයක මිළ මෙලෙස ඇමෙරිකානු ඩොලර් 30 කටත් වඩා අඩු වී තිබෙන්නේ පළමු වරට ය.

බොරතෙල් මිලෙහි සිදුව ඇති මෙම අඩුවීම රටවල් ගණනාවක ආර්ථිකයට ප‍්‍රබල බලපෑම් ඇති කර තිබේ.

රුසියානු අග‍්‍රාමාත්‍ය දිමිති‍්‍ර මෙත්වෙදෙව් මහතා ප්‍රකාශ කළේ 2016 වසරේ සිය අයවැය ඇස්තමේන්තු වෙනස් කිරීමට ද මෙම බොරතෙල් මිල පහළ බැසීම හේතුවියහැකි බවය. 

 

Rate this item
(0 votes)