May 11, 2024

අවසන් වරට ඔබාමා ජාතිය ඇමතීමට සැරසේ 

අමෙරිකානු ජනාධිපතිවරයෙකු සිය ජනතාව අමතා වාර්ෂික ව සිදු කරන ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කිරීමත් සමග අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා අවසන් වරට ජාතිය ඇමතීමට සූදානම්වන බව වාර්තා වේ. 

අමෙරිකාවට නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම 2016 වසරේ පැවැත්වීමට නියමිතයි. 

ඒ සඳහා ඔබාමාට ඉදිරිපත්වීමට ව්‍යවස්ථාවෙන්ම අවස්ථාව ලබා දී නොමැත. 

අමෙරිකානු ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයෙකුට අවස්ථා දෙකක දී පමණක් ජනාධිපතිවරයෙකු ලෙස තේරී පත්වීමට හැකියාව පවතී. 

එහි දී බැරක් ඔබාමා ප්‍රතිපත්ති පිළිබඳ සිදු කරන විශ්ලේෂණයකට වඩා පසුගිය සමය තුළ තමන් අමෙරිකාව වෙනුවෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රකාශයක් සිදු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

Rate this item
(0 votes)