May 12, 2024

ටජ් මහල නැරඹීමට ගිය පිරිසක් රිය අනතුරකින් මිය යයි 

ඉන්දියාවේ අග්‍රාහි සුප්‍රකට ටජ් මහල් මන්දිරය නැරඹීමට ගමන් කරමින් සිටි ඉන්දියානු සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානුවන් 05 දෙනෙකු ඊයේ (11) සිදු වූ රිය අනතුරකින් මරණයට පත් ව තිබේ.

අන්මිකා දුත්තා නමැති 45 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දරුවන් 03 දෙනෙකු මෙන් ම 25 හැවිරිදි සොහොයුරියක් මෙම අනතුරෙන් මිය ගොස් ඇත. 

ඔවුන් ගමන් ගත් මෝටර් රථයේ ටයරයක් පිපිරීමෙන් එය පෙරළීමට ලක් වී අනතුර සිදු වී ඇති අතර, මෙම කාන්තාවගේ පියා සහ සැමියා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මොවුන් ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර අවන්හලක් පවත්වාගෙන ගිය ඉන්දියානු පවුලකි.

Rate this item
(0 votes)