May 12, 2024

IS නායකයාගේ දෙවැනියා ගුවන් ප්‍රහාරයකින් මරුට 

අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩිගේ දෙවැනි නියෝජිතයා ලෙස සැලකෙන අලි මොහොමඩ් නාසර් ඉරාක ගුවන් ප්‍රහාරයකින් මරණයට පත් ව ඇත.

ඉරාකයේ බර්වානා නගරයේ රැඳී සිටිය දී ඔහු මෙම ප්‍රහාරයට ලක් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඔහු බටහිර ඉරාකයේ සහ නැගෙනහිර සිරියාවේ අයි.එස්. මෙහෙයුම් භාර ව කටයුතු කළ පුද්ගලයා ය.

Rate this item
(0 votes)