May 12, 2024

IS ත්‍රස්තවාදී රහස් විද්‍යාගාරය හෙළි වේ (VIDEO)

අයි එස් කැරළිකරුවන්ගේ තාක්ෂණික පුහුණු විද්‍යාලයක සුවිශේෂී චාරිකාවක නිරතවීමට බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයක් කටයුතු කර තිබේ.

යුරෝපීය රටවලට ප්‍රහාර එල්ල කිරීම වෙනුවෙන් කැරළිකරුවන් පුහුණු කෙරෙන නවීනතම තාක්ෂණික උපක්‍රම රැසක් එහි දී ඔවුන්ගේ කැමරාවල සටහන් වී ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. 

රියැදුරන් නොමැති මෝටර් රථ නිශ්පාදනය ද එම තාක්ෂණික විද්‍යාලය තුළ සිදුවන බව එම මාධ්‍ය ආයතනය ප්‍රකාශ කර තිබේ. 

එම පුහුණු කටයුතු වෙනුවෙන් විද්‍යාඥයන් මෙන් ම අවි ආයුධ විශේෂඥයන් ද යොදාගෙන ඇතැයි වාර්තා වේ. 

විදෙස් විචාරකයන් විසින් මෙම කඳවුර හඳුන්වන්නේ රහස් තොරතුරු රැසක් සැඟවුනු රත්‍රන් පතලක් ලෙසට ය. 

අයි එස් කැරළිකරුවන්ගේ අවි ආයුධ නිශ්පාදන විද්‍යාගාරයට ගොස් විදෙස් මාධ්‍ය ආයතනයක් පටිගත කළ වීඩියෝව පහතින්. 

Rate this item
(0 votes)