May 12, 2024

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි

බටහිර ඕස්ට්‍රේලියාවේ ඇති වී තිබෙන මහාලැව් ගින්නකින් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසක් විනාශයට පත් වී තිබේ.

පර්ත් නුවරට දකුණු දෙසින් යාලූප් නගරය ආසන්නයේ ගොඩනැගිලිවලට එහි දී වැඩිම හානියක් සිදු ව ඇත. 

පැයට කිලෝමීටර් 60 ක් පමණ සුළං තත්ත්වයක් පැවතීම හේතුවෙන් මෙම ලැව්ගිනි මීටර් 50 ක් පමණ ඉහළට විහිදුණු බව වාර්තා වේ.

අවම වශයෙන් නිවාස 60 ක් පමණ ගිනිබත් වී ඇති අතර නගරයේ කර්මාන්තශාලා කිහිපයක් ද ගින්නට හසු වී තිබේ.

 

Rate this item
(0 votes)