May 11, 2024

උතුරු කොරියාවේ න්‍යෂ්ටික පිපිරවීම එක්සත් ජාතීන් හෙළාදකී 

උතුරු කොරියාව විසින් ඊයේ (06) සිදුකළ න්‍යෂ්ටික පිපිරවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් හෙළා දැක තිබේ. 

එය පැහැදිළි වශයෙන්ම ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බව ජගත් ආරක්ෂක මණ්ඩලය සඳහන් කරයි.

උතුරු කොරියාව ඊයේ සිදු කළේ 2006 වසරෙන් පසු හතරවන න්‍යෂ්ටික පිපිරවීම ය.

එය හයිඩ‍්‍රජන් බෝම්බ පිපිරවීමක් ලෙස උතුරු කොරියාව හැඳින්වී ය. 

කෙසේ වුව ද පරමාණු සංඝට්ටනයෙන් ශක්තිය මුදා හරින හයිඩ‍්‍රජන් බෝම්බ තාක්ෂණය උතුරු කොරියාව සැබෑ ලෙස අත් කරගත්තේ ද යන්න පිළිබඳ චීනය දකුණු කොරියාව ඇතුළු රටවල් රැසක් සැක පළ කර තිබේ. 

කෙසේ වුව ද නව න්‍යෂ්ටික පිපිරවීමත් සමග උතුරු කොරියාව වෙත ක්‍රියාත්මකවන ජගත් සම්බාධක තවදුරටත් දැඩි කෙරෙනු ඇත.

 

Rate this item
(0 votes)