April 26, 2024

සුරේෂ් රයිනාගේ පෙම හෙළි වෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනාගේ මෙතෙක් අප්‍රකට ව පැවති ප්‍රේම සබඳතාවක තොරතුරු හෙළි වී ඇත.

ඉන්දියාවේ මුම්බායි මිරර් පුවත්පත මගින් එම තොරතුරු හෙළි කර තිබේ.

සුරේෂ් රයිනා ඉන්දීය නිළියකවන ශ්‍රැති හසන් සමග ප්‍රේම සබඳතාවක් පවත්වන බව එම පුවත්පත වාර්තා කර ඇත.

ශ්‍රැති හසන් යනු සුපිරි නළු කමල් හසන්ගේ දියණියයි.

ඔවුන් දෙදෙනා කාලයක සිට සමීප මිතුරන් ලෙස ආශ්‍රය කර ඇති අතර මේ වනවිට එම මිතු දම ප්‍රේම සබඳතාවක් දක්වා වර්ධනය වී තිබේ.

එම තොරතුරු පිළිබඳ සිනමා මෙන් ම ක්‍රිකට් ලෝලීන් අතර ද දැඩි අවධානයක් යොමු ව තිබේ.

Rate this item
(0 votes)