April 26, 2024

තායිලන්ත හමුදා නායකයා ජාතිය අමතයි 

වසරක් යන තුරු මැතිවරණයක් පැවැත්වීමට අපේක්ෂා නොකරන බව තායිලන්තයේ හමුදා නායක ජෙනරාල් ප‍්‍රයුත් චාන් ඕචා සඳහන් කර තබේ.

යින්ලක් ශිනවත‍්‍රාගේ පාලනය පෙරළා දමා තායිලන්තයේ බලය සියතට ගත් එරට හමුදා නායක ජෙනරාල්වරයා රූපවාහිනියෙන් ජනතාව අමතමින් ඒ බව සඳහන් කර ඇත.

දේශපාලන සංහිඳියාව ගොඩනැගීමට සහ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීමට කාලයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දේ.

හමුදා පාලනයට එරෙහි නැගී නොසිටින ලෙස ඔහු අනතුරු ඇඟවීමක් ද කළ අතර ඉකුත් මැයි 22 වැනි දා කුමන්ත‍්‍රණයකින් බලය පැහැර ගත් තායි හමුදා නායකයා හිටපු අගමැතිනී යින්ලක් ශිනවත‍්‍රා ඇතුළු එරට දේශපාලන නායකයන් රැසක් රඳවාගෙන සිටී.

Rate this item
(0 votes)