චාලි චැප්ලීන්ගේ මෘත ශරීරය සහිත සොරකම් කරන ලද මිණී පෙට්ටිය සති 11 ක් සෙවීමෙන් අනතුරු ව 1978 අද වැනි දවසක හමු වී තිබේ.
ස්විට්සන්ලන්තයේ සිය නිවසට හැතැප්මක් පමණ නුදුරින් වළ දමා තිබූ එම මිණී පෙට්ටිය නාදුනන පිරිසක් විසින් ගොඩ දමා ඇතැයි වාර්තා වේ.
88 වියේ පසු වූ චාලි චැප්ලීන් නත්තල් දිනයක දී මරණයට පත් ව ඇත.
මරණයට පත් වී දින 02 ක් ගතවීමෙන් අනතුරු ව ඔහුගේ භූමදාන කටයුතු සිදු කර තිබේ.