May 17, 2024

MH370 යානය ගැන සොයන්න මාලදිවයිනටත් විශේෂඥ පිරිසක්  

මාලදිවයින වෙත ගොඩගසා ඇති සුන්බුන් කොටස MH370 යානයේ කොටසක් දැයි පරීක්ෂා කිරීම සඳහා විශේෂඥයන් පිරිසක් එරටට යැවූ බව මැලේසියාව පවසයි.

මාලදිවයින් පුවත්පතක මෙවැනි සොයා ගැනීමක් පිළිබඳ ඡායාරූප සහිත ප්‍රවෘත්තියක් පළවීමත් සමග අතුරුදන් ගුවන් යානය පිළිබඳ මාලදිවයින තුළ ද උනන්දුවක් ඇති වී තිබේ.

අදාළ කොටස අතුරුදන් යානයේ කොටසක් යැයි ප්‍රකාශ කිරීමට තවම ඉක්මන් වැඩි බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත.

පුද්ගලයන් 239 දෙනෙකු සමග 2014 වසරේ මාර්තු 08 වැනි දා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයේ පියාපත් කොටසක් ජූලි මස දී රියූනියන් දූපතෙන් හමුවීමත් සමග ලොවටම අභිරහසක් වූ MH370 පිළිබඳ යළි බලාපොරොත්තුවක් ඇති විය.

 

Rate this item
(0 votes)