May 17, 2024

චීනයේ චණ්ඩ මාරුතයකින් 08 දෙනෙක් මිය යයි

චීනයේ පූජියෑං ප්‍රාන්තයට බලපෑ ප්‍රබල චණ්ඩ මාරුතයෙන් පුද්ගලයන් 08 දෙනෙකු මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුළි සුළඟ ළඟාවීමට පෙර එහි 163,000 ක් පමණ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ගන ඇති අතර යාබද ෂෙජියෑං ප්‍රාන්තයේ ද එලෙස ජනයා ඉවත් කර ගැනීම සිදු විය.

මෙම චණ්ඩ මාරුතය ඉකුත් 08 වැනි දා තායිවානයට ඇතුළු වූ අතර එහි දී පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත් ව තිබේ. තායිවානය හරහා පැයට කිලෝමීටර් 230 ක වේගයකින් හැමූ මෙම චණ්ඩ මාරුතය චීනයට ළඟා වී ඇත්තේ පැයට කිලෝමීටර් 144ක වේගයකින් ය.

Rate this item
(0 votes)