May 17, 2024

නිවසක් ගිනි තැබීමෙන් මියගිය පලස්තීන ජාතිකයාගේ අවමංගල්‍යයට දහස් ගණනක්

පලස්තීනයේ බටහිර ඉවුරේ යුදෙව් අන්තවාදීන් බවට සැක කෙරෙන පිරිසක් විසින් නිවසක් ගිනි තැබීමෙන් මියගිය පලස්තීන ජාතිකයාගේ අවමංගල්‍යයට දහස් ගණන් පලස්තීනුවෝ සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාද් දවාබ්ශේගේ සිරුර සම්පූර්ණයෙන්ම වාගේ පිලිස්සී තිබුණ අතර ඔහු මිය ගියේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. ඉකුත් සතියේදී සිදු වූ මේ ගිනි තැබීමෙන් ඔහුගේ 18 හැවිරිදි පුතා පිලිස්සුම්වලින් මිය ගියේය.

සාද් දවාබ්ශේගේ බිරිඳ සහ අවුරුදු හතරක් වයසැති පුත්‍රයා බරපතළ තත්වයේ පසු වෙති.සිද්ධියට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් පමුණුවන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පොරොන්දු වී තිබේ.

කෙසේවෙතත් සිද්ධියට ඍජුවම සම්බන්ධ බවට සැක කෙරෙන කිසිවකු මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවත් මීට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය සමඟ පුළුල් ගැටුමකට යායුතු බවට හමාස් සංවිධානය අවධාරණය කොට ඇති බවත් වාර්තාවේ.

(බීබීසි)

 

Rate this item
(0 votes)