May 17, 2024

තවත් බ්ලොග්කරුවකු ගෙළ කපා මරා දමයි

බංග්ලාදේශයේ තවත් බ්ලොග් සටහන් තබන්නකු ඝාතනය කොට තිබේ.

නිලෝයි නිල්, මෙසේ මරා දැමූ හතර වැනි බ්ලොග්කරුවායි.

ඔහුගේ නිවසේ දී තියුණු උපකරණයකින් ගෙළ කපා මරා දමා තිබූ නිලෝයි නිල් ගේ මළ සිරුර අද, සිකුරාදා දහවල් සොයා ගත් බව පොලීසිය පැවසුවේය.

මුස්ලිම් බහුතරයක් වෙසෙන බංග්ලාදේශයේ බ්ලොග් සටහන් තබන්නන් පැවසුවේ සිය ෆේස්බූක් අඩවියේ සහ බ්ලොග් අඩවියේ අනාගමික ලිපි පල කිරීම සම්බන්ධයෙන් නිලෝයි නිල් ප්‍රසිද්ධියට පත්ව සිටින බවයි.

මෑතකදී ඝාතනයට ලක්වූ සෙසු බ්ලොග් සටහන් තබන්නන් මෙන්, නිලෝයි නිල් අදේවවාදියකු මෙන්ම අනාගමික අදහස් දැරූ පුද්ගලයෙක්.

ඔහු හින්දු සම්භවයකින් යුත් පුද්ගලයෙක්.

මේ වසරේදී බංග්ලාදේශයේ නිදහස් මතධාරී බ්ලොග් සටහන් තබන්නන් හතර දෙනකු ඝාතනය කොට තිබේ.

මෙම ඝාතන සම්බන්ධයෙන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති නමුත් මෙතෙක් නඩු පවරා නොමැත.

මීට වසර දෙකකට සිදුවූ අහමඩ් රාජිබ් හයිදර් ඝාතනය සම්බන්ධයෙන් හත් දෙනකුට විරුද්ධව නඩු පවරා තිබේ.

| BBC

Rate this item
(0 votes)