May 17, 2024

කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 08 දෙනෙක් මිය යයි

ඇෆ්ගනිස්ථානයේ - කාබුල් නුවර අද (07) අලුයම සිදු වූ ප‍්‍රබල මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 08 දෙනෙක් මරණයට පත් ව 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

කාබුල් ආසන්නයේ ෂා - ෂාහිඩ් ප්‍රදේශයේ සිදු වූ මෙම බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් අතර ළමයින් ද සිටින බව වාර්තා වේ.

මෙම ප්‍රදේශයේ පිහිටි ඉරාක හමුදා කඳවුර ප්‍රහාරකයන්ගේ ඉලක්කය වන්නට ඇති බව සැළකෙන අතර මෙවැනි මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාර තලෙයිබාන්වරුන්ගේ ප්‍රහාරක උපක්‍රමයක් බව ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)