May 17, 2024

දුම්රිය 02 ක් ගඟකට වැටෙයි

ගං වතුර හේතුවෙන් කැඩී ගිය පාලමක් මතින් ගමන් ගත් දුම්රිය 02 ක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රීයේ ගඟකට වැටී තිබේ. 

මුම්බායි - වරනාසි ශීඝ්‍රගාමී දුම්රිය සහ මුම්බායි ජනතා ශීඝ්‍රගාමී දුම්රිය මෙලෙස අනතුරට ලක් ව ඇත.

එහි ගමන් කළ පුද්ගලයින් 300 දෙනෙකු පමණ මේ වනවිට බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ගඟට වැටුණු පුද්ගලයන් බේරා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර ඉන් මරණයට පත් පුද්ගලයන් පිළිබඳ මෙතෙක් නිළ තොරතුරක් වාර්තා වී නොමැත.

 

Rate this item
(0 votes)