May 17, 2024

අසභ්‍ය වෙබ් අඩවිවලට නිදහසේ ප්‍රවේශවීම වළකයි 

ළමුන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම වැළැක්වීම සඳහා ඊයේ (03) සිට ඉන්දියාව අසභ්‍ය වෙබ් අඩවි 857කට නිදහසේ ප්‍රවේශවීම වළක්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුව ද වැඩිහිටියන්ට පෞද්ගලික ජාලයක් ඔස්සේ එම වෙබ් අඩවිවලට තවදුරටත් පිවිසිය හැකි බව වාර්තා වේ. අදාල වෙබ් අඩවි වහා තහනම් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව ඉන්දීය විදුලි සංදේශ සමාගම් ප්‍රකාශ කර ඇත. 

අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව හැරුණුවිට අසභ්‍ය වෙබ් අඩවිවලට වැඩි වශයෙන්ම පිවිසෙන්නේ ඉන්දියානුවන් බව අන්තර් ජාල සමීක්ෂණ වාර්තාවලට අනුව සොයා ගෙන තිබේ.

Rate this item
(0 votes)