May 17, 2024

MH370 යානා කොටස ප්‍රංශයට 

MH370 යානයේ යැයි සැක කෙරෙන රීයූනියන් දූපතෙන් හමු වූ ගුවන් යානා කොටස වැඩිදුර පරීක්ෂණ සඳහා ඉකුත් පළමු වැනි දා ප්‍රංශයට රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝයිං 777 යානයක කොටසක් බවට ගුවන් යානා විශේෂඥයෝ මුල සිටම සැක පහළ කළ අතර එම යානා කොටස ගුවන් යානා තටුවේ කොටසක් බව මේ වනවිට හඳුනාගෙන තිබේ.

පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබිය දී 2014 වසරේ මාර්තු මස 08 වැනි දා එම යානය අතුරුදන් විය.

එතැන් සිට ඔස්ට්‍රේලියාවේ මූලිකත්වයෙන් ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් දකුණුදිග ඉන්දීය සාගරයේ සිදු කෙරුන ද යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමු නොවී ය.

එසේ ම අතුරුදන් වූ MH370 ගුවන් යානයේ බවට සැක කරන කොටස හමු වූ ඉන්දියන් සාගරයේ රියුනියන් දූපත අවට සෝදිසි මෙහෙයුම් පුළුල් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 03 August 2015 09:28