May 16, 2024

කලාම්ගේ අවමංගල්‍යය උත්සවය උපන් ගමේදී 

අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය ජනපති අබ්දුල් කලාම් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (30) තමිල්නාඩු ප්‍රාන්තයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරිණි.

හිටපු ජනාධිපතිවරයාගේ උපන් ගම්මානය වූ රාමේෂ්වරම් පැවැත්වූ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගි විය.

ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා ලෙස වර්ෂ 2002 සිට 2007 දක්වා කටයුතු කළ කලාම් මහතා ‘ජනතාවගේ ජනාධිපතිවරයා‘ සහ ‘මිසයිල මිනිසා‘ යන නාමයන්ගෙන් ගෞරවාදරයට පත්විය.

පසුගිය සඳුදා විශේෂ දේශනයක් සිදුකරමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය.

 

Rate this item
(0 votes)