May 17, 2024

අප්‍රිකානු රටවල දුෂණය මර්දනය කළ යුතුයි - ඔබාමා

අප්‍රිකානු මහද්වීපයේ ඇති සංවර්ධන හැකියාව අවබෝධ කර ගැනීම සඳහා ජනතාවට ආධාර කරන ලෙස අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපති ඔබාමා මේවන විට කෙන්යාවේ සංචාරයක නිරතව සිටින අතර නයිරෝබි නුවර ව්‍යාපාරික සමුළුවක් විවෘත කරමින් ජනාධිපති ඔබාමා පැවසුවේ කෙන්යාව නව තාක්ෂණික සමාගම් ආරම්භ කරමින් එම ක්ෂේත්‍රයට ආකර්ෂණීය නායකත්වයක් දී ඇති බවයි.

නමුත් එම රටවල් දූෂණය මර්දනය කිරීමට තවත් කටයුතු කළ යුතු බවට අවධාරණය කළ අමෙරිකානු ජනාධිපතිවරයා විනිවිදභාවයෙන් ක්‍රියා කළ යුතු බවත් පැවසී ය.

1998 දී අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සිහිපත් කිරීමට ජනාධිපති ඔබාමා, මල් වඩමක් තැන්පත් කරමින් සිය ආචාරය පුද කළේය.

(බීබීසි)

Rate this item
(0 votes)