May 17, 2024

සක්වල ජීවයක් සෙවීමට ස්ටීවන් හොව්කින් සැරසේ

අභ්‍යාවකාශයේ කොතැනක හෝ ජීවයක් තිබේ ද යන පැනයට පිළිතුරු සැපයීම සඳහා නැවත වරක් මහාචාර්ය ස්ටීවන් හොව්කින් ඉදිරිපත් වී තිබේ.

වසර 10 ක් පුරා සිදුකෙරන මෙම පර්යේෂණයේ දී පෘථිවියට ආසන්න මිලියන ගණනක් වූ තාරකාවන්ගෙන් පැමිණි සංඥා ඇහුම්කන්දීමට නියමිතයි.

ඒ අනුව, මෙම වැඩපළිවෙළ වෙනුවෙන් මූලික වශයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 100ක මුදලක් යෙදවීමට සැලසුම් කර තිබේ.

"මේ සක්වල කොතැනක හෝ බුද්ධිමත් ජීවයක් පැවතිය හැකියි. ඔවුන් අපේ ආලෝකය දෙස බලා සිටිනවා විය හැකියි. ඒ නිසා ඔවුන් කියන දේ පිළිබඳ අවදියෙන් සිටිය යුතුයි." යනුවෙන් හොව්කින් පවසා තිබේ.

Rate this item
(0 votes)