May 17, 2024

ග්‍රීසියේ ණය අර්බුදයට විසඳුමක්

ග්‍රීසියට ඩොලර් බිලියන 7.8 ක කෙටි කාලීන ණය මුදලක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

යුරෝපා සංගමයට අයත් රටවල මුදල් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී මෙම ණය මුදල ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. 

ග්‍රීසිය මේ වනවිට මුහුණ පා ඇති ණය අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලෙස මෙම ණය මුදල ලබාදීමට තීරණය කර ඇත. 

මේ අතර, ග්‍රීක බැංකුවලට හදිසි මූල්‍යාධාර ලබාදීමේ මට්ටම ඉහළ දැමීමට ද යුරෝපා සංගමයේ මහබැංකුව තීරණය කර තිබේ. එමගින් සති 03ක් වසා දමා ඇති එරට බැංකු යළි විවෘත කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 July 2015 09:45