May 17, 2024

ජපන් හමුදාවට විදේශයේ සටන් කිරීමට අවසර

ජපාන යුද හමුදාවට විදේශ රටවල සටන් කිරීමට ඉඩ ලැබෙන මතභේදකාරී ආරක්ෂක පනතක් ජපානයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කොට ගෙන තිබේ.

දෙවැනි ලෝක යුද සමයෙන් පසු ජපාන යුද හමුදාවට විදේශ රටවල සටන් කිරීමට අවස්ථාව ලැබෙන පළමු වතාව මෙයයි.

ආරක්ෂක පනතට සංශෝධන ගෙන ඒමට මූලික වූ අගමැති ශින්සෝ අබේ කියා සිටියේ ජපානයට මුහුණ දීමට සිදු විය හැකි, විශේෂයෙන් චීනයෙන් එල්ලවිය හැකි නව අභියෝග ජය ගැනීමට නව පනත මගින් ප්‍රතිපාදන සැලෙන බවයි.

යුද්ධයෙන් පසු සකස් කළ, ජපානයේ සාමවාදී ව්‍යවස්ථාව මෙම සංශෝධන හේතුවෙන් උල්ලංඝනය කෙරෙන බව ප්‍රතිවාදී කණ්ඩායම් කියා සිටිති.

මේ අතර චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයකු පැවසුවේ ජපානය අසල්වාසී රටවල අවශ්‍යතාවලට ගරු කරමින් සාමකාමී සංවර්ධන මාවතේ ගමන් කළ යුතු බවයි.

ජපානයේ විරුද්ධ පක්ෂ සහ ජනතාව තුළින් මෙම නව පනතට විරෝධය පළ වෙමින් තිබේ.

-BBC

Rate this item
(0 votes)
Last modified on Friday, 17 July 2015 00:57