May 17, 2024

‘චෑන්හොම්‘ චීනයට ඇතුළු වෙයි

චෑන්-හොම්, ප්‍රබල චන්ඩ මාරුතය නැගෙනහිර චීනයේ ෂෙජියෑන් ප්‍රාන්තයේ වෙරළින් ඊයේ (11) ගොඩබිමට ඇතුලුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පැයට කිලෝමීටර් 173 ක වේගයකින් සුළි සුළඟ හමා ඒමට පෙර වෙරළාසන්න ප්‍රදේශවල සිටි මිලියනයක් පමණ ජනතාව ඉවත් කර ගෙන තිබේ. සුළි සුළඟ ආරම්භ වීමට පෙර සිටම එම ප්‍රදේශයට මිලිමීටර් 100 කට වැඩි වර්ෂාපතනයක් ලැබී තිබේ.

චෑන්-හොම් මේ වනවිට උතුරු දෙසට ගමන් කරමින් ෂැන්හයි නගරය වෙත යොමුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. චීනයට පැමිනීමට පෙර මෙම සුළි සුළඟින් තායිවානයට සහ ජපානයටද හානි සිදුවිය.

1949 වසරින් පසු ෂෙජියෑන් ප්‍රාන්තයට ළඟාවූ ප්‍රබලතම චන්ඩ මාරුතය වන චෑන්-හොම් සුළි සුළඟ හේතුවෙන් ගුවන් ගමන් 400 ක් පමණ අවලංගු කර තිබේ. 

Rate this item
(0 votes)